තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.
ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.
ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.
බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.
ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.
කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.
අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය