ඉන්දියාවේ පූරි ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් 2ක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි දේව ප්‍රතිමා රැගත් රථ තුනක් ගමන ආරම්භ කළේ ඉන්දියාවේ, ජගන්තාත් දේවාලයේ සිට බවයි.
එහි සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදි මෙමානතුර සිදුව ඇති බව පැවසෙනවා.
යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී සිටම සෙනග වැඩි වී මෙම තෙරපීම ඇතිව තිබෙන අතර එහිදී මෙම තිදෙනා මියගොස් ඇති බවද සඳහන්.
එම උත්සවයට පැමිණි අධික සෙනග පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.