අද කොටස් වෙළඳපොල මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද(29) ඉහළ අගයක පෙන්නුම් කර තිබේ.

එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.28කින් ඉහළ ගොස් 17,872.74 ක් ලෙස වාර්තා වී ඇත.

එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.75%ක ඉහළ යාමකි

ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.1 ක් ලෙස සටහන්ව ඇත.