මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල නාරාහේන්පිට ප්‍රදේශයේදී ඊයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ඖෂධ මිලදී ගැනීම සදහා පසුගිය වසරේදී ටෙන්ඩර් 68ක් පමණක් දමා තිබූ පසුබිමක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268ක් දමා ඇති බවයි.
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදි සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන්ම ලබා දීමේ හැකියාව රජයට පවතින බවද ඔහු කියා සිටියා.