සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

සීගිරියේ පිට දිය අගලේ සිට යාර 200 සංවේදී ප්‍රදේශය සහ යාර 400 සීමාවේ ඇති සියලු‍ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. 

සීගිරියේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උසාවි නියෝග හෝ පොලිස් ආඥාවලින් තොරව නිසි අවබෝධයකින් යුතුව මෙම සීමාව තුළ පදිංචිව සිටින පුද්ගලයන් 124 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.