වසරේ මේ දක්වා සංචාරකයන් 1,146,272ක් දිවයිනට

මෙම මාසයේ මුල් දින 26 තුළදී විදෙස් සංචාරකයින් 116,469 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. 

එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 32,977 ක්. 

ඊට අමතරව එක්සත් රාජධානිය, චීනය හා පාකිස්ථානය ඇතුලු රටවල් 09 කින් අදාළ කාලයේදී වැඩි වශයෙන් දිවයිනට සංචාරකයින් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. 

මෙම වසරේ දිවයිනට පැමිණ ඇති මුලු විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 1,146,272 දක්වා ඉහළ යනවා.