මිද්දෙණිය ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක් සොයා ගැනේ

මිද්දෙණිය – තෝරකොළයාය, තේක්ක රක්ෂිතය අසල පසුගිය 25 වනදා තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 

ඒ මිද්දෙණිය, ඕකන්දයාය පෙරළිදවැව ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි. 

ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය මෙම යතුරුපැදිය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා. 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

මෙම ද්විත්ව ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් හේතුවෙන් සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. 

පසුගිය 24 වනදා මෙලෙස ඝාතනය ලක් වුණේ, ඇඹිලිපිටිය, කුඹගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි චමල් අබේකෝන් සහ 26 හැවිරිදි මිද්දෙණිය, තෝරකොළයාය, තනිහේන ගෙදර ප්‍රදේශයේ පදිංචි කැලුම් තුෂාර නැමැති අයයි.