මාතර දෙවුන්දර ධීවර වරායවලින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 4 දෙනාගෙන්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
සිද්ධියෙන් තවත් අයෙකු අතුරුදන් අතර ඔහු සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.
දෙවුන්දර වරායෙන් ඊයේ ධීවරයින් පස්දෙනෙකු සමග මුහුදු ගිය යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණා.
එහිදී යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුදාගෙන ඇති අතර අනෙක් ධීවරයින් හතර දෙනා අතුරුදන්ව තිබුණා.
ගොඩබිම සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ අතර කලුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ ධීවරයින් සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.