සුනඛයකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.
මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකේනවා.
මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය නව විශේෂයක් බව නිගමනය කර තිබෙනවා.
2014 සිට ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන පළමු නව ඩයිනෝසෝරයා වන්නේ ද මෙම සත්ව විශේෂයයි.
සෙන්ටිමීටර 64ක් උස සහ සෙන්ටිමීටර 180ක් දිග එනිග්මකර්සර් සත්වයා ලැබ්‍රඩෝ සුනඛයෙකුගේ උසට සමාන වනවා.