පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
එම ඝාතන සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන් තත්ත්වයේ සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම සැක පුද්ගලයින් අල්ලා ගැනීමට දුෂ්කර වන ඇතැම් විරල සිද්ධියක් දෙකක් පැවතිය හැකි හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් එම සැකකාරිය පිළිබඳව යම් තොරතුරක් වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සිද්ධිය වූ උසාවියේ පැවති ආරක්ෂාවේ අඩුපාඩුවක් මත එම සිද්ධිය වී ඇති බව බවසන අමාත්‍යවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරක් ලැබී නොතිබූ බවද කියා සිටියා.
කෙසේ වෙතත් ගණේමුල්ල සංජීවට ජීවිත තර්ජනයක් ඇති බවට වාර්තා වී තිබූ බව සඳහන්.