ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්රා දෙකක් අනතුරට පත්ව තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්රාවක් සහ කළුතර ප්රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්රාවකි.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටත් සැක පළ කරනු ලබයි.
කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්රාවක් පිටත් කර යවා ඇති අතර වෙනත් ධීවර යාත්රා කිහිපයක්ද මේ වන විටත් අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද සඳහන් වේ.
ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබේ.
මුහුදේ අනතුරට පත් ධීවර යාත්රා දෙකේ සිටින ධීවරයින් මුදා ගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්රාවක් පිටත් කර යවා ඇත.