කොළඹ වරාය නගරය අසළ මුහුදේ පිහිනමින් සිටි තරුණයෙක් අතුරුදහන් වෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, අතුරුදහන් වූ සරසවි සිසුවා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.