උපරිම සිල්ලර මිලට යටත්ව ලුණු මිල පහත දැමීමට ලුණු නිෂ්පාදකයන් එකඟවෙයි

වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින්, එසේ ආනයනය කරන කෑමට ගන්නා ලුණු උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ඒ අනුව කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180 කටත්, ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240 කටත්, ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120කටත් බෙදා හැරීමට කටයුතු කරන බවයි දැක්වෙන්නේ.

එලෙස දිවයින පුරා ලුණු බෙදා හැරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවයි එම ‍සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.