2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
“Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර, එවකට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු වයස අවුරුදු 15 – 26 අතර තරුණ පුද්ගලයින් 09 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.
Takahiro Shiraishi විසින් මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර, මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත්, තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.