SLMC පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය අබ්දුල් වසීත්ට ලබාදීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්.එම්. නලීම් ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණා.

මන්ත්‍රී ධුරයට පත්කෙරුණු අබ්දුල් වසීත් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් ද වනවා.