“ශ්‍රී ලංකා තේ” සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ‘පංකැටය’ ග්‍රාම නිළධාරී වසමේ, කහගල්ල ප්‍රදේශයේ ප්‍රයෝජනයට නොගෙන තණකොළ වැවී තිබෙන අක්කර හතරකින් පමණ සමන්විත භූමි ප්‍රදේශයක් මෙම සංචාරක කලාපය ආරම්භ කිරීම සඳහා තෝරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ හරහා කහගල්ල සංචාරක කලාපය, තේ උරුම කෞතුකාගාරයක් හා උද්භිත උද්‍යානයක් සහිතව, දේශීය විදේශීය සංචාරකයන්ට පහසුකම් සහිත ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත්කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.