වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත භාර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් තීරණය කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ සභාව රැස්වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එහි නොපැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

එහිදී, රැස්වීම සඳහා පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැර ගැනීමට ලක්වී ඇති බවට පවසමින් පාක්ෂිකයින් පිරිසක් සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණ චෝදනා කර තිබෙනවා.

ඔවුන් දිගින් දිගටම සභාව තුළ රැඳී සිටිමින් රැස්වීම පැවැත්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.