මේ බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩුව කාලේ පටන් ගත්ත ඒවා – නාමල්

දැන් සිදුකරන බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්ධන ඒකකයේ සිටි ප්‍රධානියා වත්මන් ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා වන බවත්, වැටුප් නොගත් බව හා දීමනා පමණක් ලබාගත් බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

යම් අයෙකු අතින් වරදක් සිදුව ඇත්නම්, එයට නිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් දෙවරක් කල්පනා නොකරන බවද, එයට විවේචනයක්ද සිදු නොකරන බවද ඔහු ප්‍රකාශ කළ‍ා.

නමුත් පොලීසිය භාවිතා කර, දේශපාලන වේදිකාවේ සිටි පිරිස් පොලීසියේ ඉහළ පුටුවලට දමා, අධිකරණය හා නිීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිදුකර, තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් එය අසාධාරණ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.