ඉරානයට කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් – අමෙරිකාව

ඉරානයට එල්ල කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රහාරයෙන් ඉරානයට දැවැන්ත අලාභයක් සිදු වුණත් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය එසේ නොවූ බවට වාර්තා කළ බවයි. 

කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊයේ සදහන් කළේ, අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර අවතක්සේරු කරන බවයි. 

මේ අතර ගාසා තීරය වෙත යවනු ලබන සහනාධාර ඊශ්‍රායලය විසින් යළි නවතා දමා තිබෙනවා. 

හමාස් සංවිධානය විසින් එම ආධාර කොල්ලකන බැවින් මෙම තීරණයට එළඹුණු බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කළේ.