වැලිගම ප්රාදේශීය සභාවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව එහි සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ හේතුවෙන් සභාවේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.