ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.
සිය ප්රථම ශ්රී ලංකා සංචාරය මෙය වන බවත්, ශ්රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත්, මෙවැනි කාලයක ශ්රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි එහිදී හිටපු ජනපති Mbeki සඳහන් කර ඇත්තේ.
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවද, එසේම සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවද, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවද දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනපති Mbeki ප්රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
