කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 130ක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් වන බවයි සඳහන් වන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.