ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින්, අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත ‘ඉටිහාඩ්’ ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු බවයි සඳහන් වෙන්නේ.

එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැඳී සිටින අංගනයේ සිටින අතරතුර, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු‍ පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර සොයා ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 හැවිරිදි සහ 28 හැවිරිදි අය වන අතර, යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.