බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම් ලබාදෙයි

ජූලි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මෙලෙස මාරුවීම් ලබාදුන් පිරිස අතරට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක් හා වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වෙනවා.

අදාළ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාවය මත සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත එම ස්ථාන මාරු කිරීමි සිදු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.