2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අද (26) දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.