මෙරට විදුලි බල පනතේ සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය කනස්සල්ල පළ කරමින් ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි වෙතයි. අදාළ ලිපිය මගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ විදුලි බල පනත සම්බන්ධයෙන් රජය සිදුකළ නව සංශෝධන කිහිපයක් හේතුවෙන් පනතේ මුලික අරමුණු ඉටු කර ගැනීමට බාධා එල්ල වන බවයි.
ලෝක බැංකුවේ මෙරට කළමණාකරු ගෙවොර්ග් සර්ග්ස්‍යාන්, ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ටකෆුමි කදෝනෝ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී කෙන්ජි කුරොනුමාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව ව්‍යාපාර කාර්යක්ෂමතාව , මූල්‍ය ස්ථාවරත්වය වැනි අංශ ඉදිරියේදී බිඳවැටීමේ අවදානමක් මතුවිය හැකි බව පෙන්වා දෙන එම ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පනතේ මූලික අරමුණක් වන පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් ලබා දීම මෙන්ම සාධාරණ මිලකට සේවය සැපයීමටද දැඩි බාධා එල්ල විය හැකි බවයි.
නව සංශෝධනවලට අනුව විදුලි බල මණ්ඩලය රජයේ හිමිකාරීත්වය යටතේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙන අතර එමගින් පෞද්ගලික ආයෝජන අවස්ථා සීමා වීම මෙන්ම රජයට විශාල අයෝජන සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමටද සිදුවනු ඇති බවද එහි සදහන් වනවා.
ඒ හේතුවෙන් අනාගතයේදී රජය මත පැටවෙන බර වැඩිවීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ.
ඊට අමතරව ඛඔඛ පෞද්ගලික සමාගම සහ ලෙකෝ සමාගම මෙන්ම ශ්‍රී ලංකා බලශක්ති සමාගමද ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයද ගැටලු සහගත බවයි අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
දැනට රජයේ අර්ධ හිමිකාරීත්වයක් දරන අදාළ සමාගම් සිය ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යන අතර මෙම මැදිහත්වීම හරහා එම ක්‍රියාවලියට සෘජු බලපෑම් එල්ල විය හැකි බවද එම ලිපියේ සදහන් වනවා.