පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇතිවූ ගැටුමකට විරෝධය පළ කරමින් අද (26) බස් රථ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ඇති වූ මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ (25) තුවාල ලබා තිබුණා.
මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංගම බස් රථයක් අතරමඟදී පෞද්ගලික පන්ති සඳහා සහභාගී වන සිසුන් සහ සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස් රථවලට මගීන් අඩුවීම නිසා මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාතර සිට පැමිණෙන බස් රථයේ, ඩිපෝ කළමනාකරුවා ද සිට ඇති අතර, එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදී හරස් කර, පෞද්ගලික බස් රථ රියදුරෙකු විසින් ඩිපෝ කළමනාකරුවාට පහර දීමත් සමඟ, ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක්ද බස් රථ රියදුරුට සහ කොන්දොස්තරට පහර දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.