කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව, කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කර ගනිමින් එම නිර්දේශය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම කීරි සම්බා තොගයෙන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබෙනවා.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
