ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් හා එක්ව “ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරිම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය” යනුවෙන් පුළුල් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය පහතින්.
