රුපියල් කෝටි පහකට අධික මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුලපන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළේ යැයි ඔහුට විරුද්ධව කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.