නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරිය වන, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම කාර්ය සාධක බළකාය පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ශිෂ්‍යයන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශ්ව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම, එම පාර්ශ්වවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට සිදුවන හිංසනයන් නැවැත්වීම මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ලෙස 16 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්ව විද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී තිබෙන බවයි වැඩදුරටත් සඳහන් වන්නේ.