විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05ක අධික මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරුලපන ප්‍රදේශයේදීයි.