රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය සේවයට එකවර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 07කට පමණ පසුව වීම විශේෂත්වයක් වනවා.
රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.
මීට අමතරව කළමනාකරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහා ද සුදුස්සන් බඳවා ගැනෙන බවත්, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.