ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට

ඇල්ල සංචාරක පුරවරයේ ඇල්ල පොලිසිය පිටුපසින් පිහිටි වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා.

මෙම ගින්න නිසා විශාල ප්‍රදේශයත් මේවන විටත් ගිනි ගනිමින් පවතින අතර මේ වනතක් විනාශයට පත්ව ඇති ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශයට පත්වී නැහැ.

පවතින අධික වියලි ස්වභාවය නිසා හා සුලං තත්වය නිසා ගින්න සීග්‍රයෙන් පැතිරෙමින් පවතිනවා.

වන සංරක්ෂන නිළධාරින්ට පමනක් ගින්න පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා දියතලාව කහගොල්ල යුධ හමුදා කදවුරේ නිළධාරින් හා සෙබලුන් ගින්න පාලනය කිරීම සදහා මේ වන විට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය පාලනය කිරීමට බණ්ඩාර වෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද සම්බන්ධ වී ඇති අතර ඇල්ල පොලිසියේ සහයෝගය ද ලැබී තිබෙනවා.

අසල සංචාරක හොටලයක කුණුවලකට එහි සේවකයෙකු විසින් ගිනි තබා ඇති අතර ඒ පිලිබදව අවධානයෙන් නොසිටීම නිසා අසල මානා පදුරුවලට ගින්න ඇවිලි වේගයෙන් පැතිර තිබෙන බවයි මුලික පොලිස් පරීක්ෂන වලින් හෙළිව ඇත්තේ.

ගිනි තැබු පුද්ගලයා ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතයි.