හොරණ – කොළඹ පෞද්ගලික බස් ර​ථ ධාවනයෙන් ඉවත්වී​මේ තීරණය​ක

හොරණ – කොළඹ මාර්ග අංක 120 ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් මිල්ලෑව – හොරණ හරහා කොළඹ දක්වා නව බස් රථයක් අත්තනෝමතික ලෙස යෙදවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ගද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බව හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළා.

අපහසුතාවට පත්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.