ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, එම සැකකරුවන් තිදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.