වෙළඳසැලක විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදී තිබෙන බව බණ්ඩාරවෙල පොලීසිය පවසනවා.
පහර කෑමෙන් තුවාල ලැබූ සේවකයා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත්කර තිබෙනවා.
මෙසේ රෝහල්ගතකර ඇත්තේ කහගොල්ල, දියතලාව පදිංචි විදුලිබල මණ්ඩලයට අනුයුකතව රාජකාරි කරන අයෙක්.
වැලිමඩ පාර, බණ්ඩාරවෙල පිහිටි වෙළදසැලක විදුලිය විසන්ධි කිරිම සඳහා පැමිණි සේවකයෙකුටයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
එම ස්ථානයට පැමිණි සේවකයින් අතර සිටි අයෙකු හා වෙළඳසැල් හිමියා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව කඩ හිමියා විසින් පහරදීම සිදුකළ බවයි පැවසෙන්නේ.