හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපල පනත ප්‍රකාරව සිදු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.