ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

ඊශ්‍රායල සහ ඉරානය අතර සටන් විරාමයත් සමග රන් මිල 1%කින් පමණ පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මෙසේ රන් මිල පහළ ගොස් ඇත්තේ ජූනි 11 වැනිදායින් පසුවයි. 

මේ අතර ශ්‍රී ලංකා වෙළඳපොලෙහිද රන් මිලෙහි සැලකිය යුතු මට්ටමේ පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. 

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 261,600ක් ලෙසයි. 

එමෙන්ම කැරට් කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 32,700.ක් ලෙසයි. කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 285,350ක් ලෙසයි.