ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
බෝම්බ හෙළීම නවත්වන ලෙසද, ගුවන් නියමුවන් වහාම නැවත ගෙන්වා ගන්නා ලෙසද, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසද ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා එම සටහන පළ කර තිබෙනවා.