ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් යළි මිසයිල ප්‍රහාරයක්

සටන් විරාමයෙන් පසුව, ඉරානයෙන් යලිත් මිසයිල දියත් කිරීම් අනාවරණය කර ගෙන ඇති අතර, ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු නවාතැන් වලට ගොස් එහි රැඳී සිටින ලෙසට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තම ගුවන් ආරක්ෂක පද්ධති විසින් ඉරානයෙන් එවන ලද මිසයිලවලට ප්‍රතිචාර දක්වන ලද බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා තිබෙනවා.

ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරන අතර, දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරානයේ සටන් විරාම උල්ලංඝනයට බලගතු ලෙස ප්‍රතිචාර දක්වන ලෙසට ඔහු නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.