ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

ඉරානයෙන් නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බැවින් ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස ඊශ්‍රායලය එරට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රටේ ප්‍රදේශ කිහිපයක ගුවන් ප්‍රහාරක සයිරන් සක්‍රිය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉරානය හා ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟවූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම නව ප්‍රහාර මාලාව එල්ල වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නවතම යාවත්කාලීන කිරීම් අනුව මේ වන විට ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි පිපිරීම් හඬවල් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.