ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලය කැඳවා ඉරාන – ඊශ්‍ර­යාල් යුද්ධ­යෙන් අප රටට සිදු­වන බල­පෑම් සාක­ච්ඡා­කර ඉදිරි ආර­ක්ෂක පිය­වර සඳහා සූදා­නම් වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (23) රජ­යෙන් ඉල්ලා සිටි­යේය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

පර්සි­යානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අව­හිර වීම තුළ තෙල් ක්ෂේත්‍රයේ ද ස්වාභා­වික වායු ගෑස් ක්ෂේත්‍ර­යේත් බර­ප­තළ ගැටලු උද්ගත වෙනවා. ඉරාන පාර්ලි­මේන්තු තීන්දු­වක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී­මට පිය­වර ගැනී­මට නිය­මි­තයි. මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැප­යු­මෙන් 20-30%ක් අතර ප්‍රමා­ණ­ය­කට මෙන්ම ස්වාභා­වික ගෑස් සැප­යු­මෙන් 1/3කට වැඩි ප්‍රමා­ණ­යක් මේ සමු­ද්‍ර­ස­න්ධිය හරහා සිදු­වන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්ව­යක් මතු­වන බවට බොහෝ පාර්ශ්ව අන­තුරු අඟ­ව­නවා. මැද­පෙ­ර­දිග සේවය කරන ශ්‍රමි­ක­යන්ගේ ජීවිත ආර­ක්ෂාව ගැන ද සොයා බැලිය යුතුයි.

මැද කොළඹ සමූහ

ආරි­ය­රත්න ගනේ­ගොඩ