දේශ­බන්දු අද පරී­ක්ෂණ කමි­ටුවට සාක්ෂි දෙයි

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව හමුවේ වග­උ­ත්ත­ර­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අද (23) සාක්ෂි දීමට නිය­මි­තය. පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව අද (23) පෙර­වරු 9.30ට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වී­මට නිය­මි­තය. මෙම දින 03 තුළ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ සාක්ෂි­ක­රු­වන් 15 දෙනකු කමි­ටුව හමු­වට පැමි­ණී­මට නිය­මිත බව වග­උ­ත්ත­ර­කාර පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා කමි­ටු­වට දන්වා සිටි­යේය.

ස්වර්ණා විජේ­කෝන්