ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකා­ශ­යක්

ඉරා­නයේ ප්‍රධා­න­තම න්‍යෂ්ටික බලා­ගාර තුන­කට අමෙ­රි­කානු හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ධවල මන්දි­රයේ සිට විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මින් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙ­යුම සාර්ථක බව සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන න්‍යෂ්ටික බලා­ගාර ත්‍රිත්ව­යම සම්පූර්ණ­යෙන් විනාශ කළ බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර තිබේ.

‘අපගේ අර­මුණ වූයේ ඉරා­නයේ න්‍යෂ්ටික ධාරි­තාව විනාශ කිරීම සහ ලෝකයේ අංක එකේ ත්‍රස්ත­වාදී අනු­ග්‍රා­හක රාජ්‍යය විසින් එල්ල කරනු ලබන න්‍යෂ්ටික තර්ජ­නය නැවැ­ත්වී­මයි. ඉරා­නය දැන්වත් සාම මාව­තට පිවි­සිය යුතුයි. නොඑ­සේ­නම් ඉදි­රි­යේදී තවත් ප්‍රහාර රැස­කට මුහුණ පෑමට සිදු­වෙයි. මතක තබා­ගන්න අපිට ඉරා­නයේ තවත් ඉලක්ක රැසක් ඉති­රිව තිබෙ­නවා.’ ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ අන­තුරු අඟවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.