ජ­’පුර වෛද්‍යවරියගේ ගැටවලට අසුවූ අයගේ විස්තර අල්ලස් කොමිසම ඉල්ලයි

රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුර­සිංහ විජේ­රත්න විසින් කර ඇතැයි කියන අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් සහ ඇගෙන් අග­ති­යට පත්වූ අයගේ තොර­තුරු වෙතොත් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව සඳ­හන් කර ඇත්තේ විශේ­ෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුර­සිංහ විජේ­රත්න යටතේ ශල්‍ය­ක­ර්ම­යන්ට භාජ­නය වී ගැට­ලු­කාරී තත්ත්ව­යන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශ්ව­වල විස්තර රැස් කිරීම මේ වන ­විට ආරම්භ කර තිබෙන බවයි.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුර­සිංහ විජේ­රත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උප­ක­රණ භාවි­ත­යෙන් ස්නායු ශල්‍ය­ක­ර්ම­යන් සිදු කරන ලදුව, එම අයි­තම බාහිර ආය­ත­න­ව­ලින් ලබා ගැනී­මට සැලැ­ස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතු­ළුව තවත් චෝදනා කිහි­ප­යක් යටතේ විම­ර්ශන කට­යුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් මේ වන විට සිදු­ක­ර­මින් පව­තින බව ද එහි සඳ­හන්ය.

එලෙස ශල්‍ය­ක­ර්ම­යන්ට භාජ­නය වූ අග­ති­යට පත්වූ 77 දෙනෙ­කු­ගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබා­ගෙන ඇති අතර, එලෙස අග­ති­යට පත්වූ පුද්ග­ල­යන් හෝ මෙම අක්‍ර­මි­ක­තා­වන් පිළි­බඳ තොර­තුරු දන්නා වෙනත් පුද්ග­ල­යන් අදාළ තොර­තුරු කොමි­ෂන් සභාව වෙත ලබා­දෙන ඉල්ලා සිටින බව ද එහි සඳ­හන්ය.

1954 කෙටි දුර­ක­තන අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් ලිපි­නය ඔස්සේ තොර­තුරු ලබා­දිය හැකි බව ද එහි සඳ­හන්ය.

සුභාෂිණී සේනානායක