විද්‍යා, තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ චීනය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙජුන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි එම අමාත්‍යංය සඳහන් කළේ.

දෙරටේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ හි සහයෝගීතාව දිරි ගැන්වීම සහ ඒ සඳහා සහය ලබාදීම මෙන්ම මෙම ක්ෂේත්‍රයේ ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම මෙමගින් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images