දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන බවද, සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.