ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකානු හමුදාවෙන් බෝම්බ හෙළීමෙන් පසු ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයුම සාර්ථක බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන න්‍යෂ්ටික බලාගාර ත්‍රිත්වයම සම්පූර්ණයෙන් විනාශ කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
‘අපගේ අරමුණ වූයේ ඉරානයේ න්‍යෂ්ටික ධාරිතාව විනාශ කිරීම සහ ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී අනුග්‍රාහක රාජ්‍යය විසින් එල්ල කරනු ලබන න්‍යෂ්ටික තර්ජනය නැවැත්වීමයි. ඉරානය දැන්වත් සාම මාවතට පිවිසිය යුතුයි. නොඑසේනම් ඉදිරියේදී තවත් ප්‍රහාර රැසකට මුහුණ පෑමට සිදුවෙයි. මතක තබාගන්න අපිට ඉරානයේ තවත් ඉලක්ක රැසක් ඉතිරිව තිබෙනවා.’ ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ අනතුරු අඟවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.