රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න විසින් කර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ ඇගෙන් අගතියට පත්වූ අයගේ තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශ්වවල විස්තර රැස් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බවයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍යකර්මයන් සිදු කරන ලදුව, එම අයිතම බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතුළුව තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට සිදුකරමින් පවතින බව ද එහි සඳහන්ය.
එලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ අගතියට පත්වූ 77 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එලෙස අගතියට පත්වූ පුද්ගලයන් හෝ මෙම අක්රමිකතාවන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයන් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ඉල්ලා සිටින බව ද එහි සඳහන්ය.
1954 කෙටි දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ තොරතුරු ලබාදිය හැකි බව ද එහි සඳහන්ය.
සුභාෂිණී සේනානායක